27 C
Colombo
24/11/2024

කොරෝනා සිරුරු භූමිදාන ස්ථාන සහ සෞඛ්‍ය නිර්දේශවල ප්‍රමාදයක්

Share with your friends :

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ ප්‍රමාද විය හැකි බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
එම සිරුරු භූමාදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පය් කර ඇති නමුත් ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වන තුරුත් නියම කර නැත.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි මොනවාද යන්න සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පෙබරවාරි 27 දා පැවැත්වේ. එහිදී ඒ සම්බන්ධයෙන් ගන්නා නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි අනුව ඉදිරි තීරණ ක්‍රියාත්මක කෙරේ.කොරෝනා ආසාදිත සිරුරු භූමදානය කරන විට ඒ සඳහා ජන ශූන්‍ය ප්‍රදේශයක් තෝරාගෙන, රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්‍ෂණය ඇතිව, සිරුරු භූමදානය කරන්නට නියමිතය. ඒ සඳහා මේ වන විට සිය යෝජිත ස්ථාන මුස්ලිම් නායකයන් විසින් ලබා දී ඇති බව සඳහන්ය.
කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවට පැමිණි 2020 මාර්තු මාසයේ සිටම කොරෝනා අසාදිතයකු මිය ගිය අවස්ථාවලදී ඒ සෑම සිරුරක්ම ආදාහනය කරනු ලැබු අතර ඒ සම්බන්ධයෙන් මෙරට හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා මුස්ලිම් සංවිධාන දැඩි විරෝධයක් දැක්වීය.

Share with your friends :