27 C
Colombo
24/11/2024

හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ පුත් මිගාරට පහර දුන් පොලීසියේ පහකගේ වැඩ තහනම්

Share with your friends :

පෑලියගොඩ පොලිසියේ දී මිගාර ගුණරත්න නමැති නීති ශිෂ්‍යයකුට පහරදීමේ සිද්ධිය සමබන්ධයෙන් පොලීසියේ පස් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.මෙම වැඩ තහනම අදාළ පරීක්ෂණ වලට අදාලව තාවකාලිකව සිදු කර තිබේ.
මේ අතර පෑලියගොඩ පොලිසියේ දී නීති ශිෂ්‍යයකුට පහරදීමේ සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා අදාළ පොලිස් නිලධාරින් වැඩ තහනම් කරන ලෙසට ඇමැති සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.මෙම නීති ශිෂ්‍යයා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වේ.
පෑලියගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් තමනට අමානුෂික ලෙස පහර දුන් බව හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්න මහතා සඳහන් කරයි.
තමන් නීතිඥයන්ගේ සේවාදායකයෙකු වෙත ආහාර රැගෙන ගිය අවස්ථාවේ පොලිසියේ පිරිසක් විසින් අතින් පයින් සහ පොලු වලින් තමන්ට පහර දුන් බව නීති ශිෂ්‍යයකු වන මිගාර ගුණරත්න මහතා කියා සිටී.බරපතළ තුවාල සහිතව ඔහු රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම සිද්ධියේදී රාජකාරියට බාධා කල බව පවසමින් අත්අඩංගුවට ගන්නා බවට හා අවශ්‍යනම් වෙනත් නඩු පටලවන බවට සිදු කල තර්ජනය කිරීම් සම්බන්ධයෙන්ද චෝදනා තිබේ. මේ අනුව ශ්‍රීලංකා පොලීසිය සිය බලතල භාවිතය සම්බන්ධයෙන් බරපතල ගැටළු පවතින බව නීතිවේදීන්ගේ අදහසයි.

Share with your friends :