කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානයට අවසර දෙන ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතව තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව නිකුත් කෙරෙන මෙම ගැසට්ටුව මගින් තෝරාගත් ස්ථාන කිහිපයක පමණක් කොරෝනා මෘතදේහ භූමදානය සදහා අවසර ලබාදෙනු ඇත.
කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානයට අවසර ලබානොදීම සම්බන්ධයෙන් ලෝක මුස්ලිම් ප්‍රජාව හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ශ්‍රීලංකා රජයට දැඩිව විරෝධය පළකර තිබිණි.මෙරට මුස්ලිම් ප්රජාවද ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දැක්වීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවේදී කොරෝනා මෘතදේහ භූමදානයට අවසර ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කල අතර විවිධ පාර්ශව වල බලපෑම නිසා එය නිල වශයෙන් ප්‍රකාශ කිරීම ප්‍රමාද විය,