27 C
Colombo
24/11/2024

පාස්කු කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රීලනිපය තීරණය කරයි-සභාපති තනතුර මෛත්‍රීටම

Share with your friends :

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයකර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව මගින් එම තීරණය ගෙන ඇත. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි පත්කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබේ.
එමෙන්ම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා තවදුරටත් කටයුතු කරනු ඇත.
ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූර සඳහා නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා පත් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව අද (25) රැස්විය.

Share with your friends :