2032 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරක නගරය ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය තෝරා ගෙන තිබේ.
ඒ සඳහා ඉන්දුනීසියාවේ ජකර්තා නගරය , හංගේරියාවේ බුඩාපෙස්ට් අගනුවර,චීනය,කටාරයේ දෝහා අගනුවර හා ජර්මනිය ද ඉල්ලුම් කර තිබිණි.
2000 වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වුනේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේය.
මේ අනුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව හා බ්‍රිස්බේන් නගර බලධාරීන් සමග සාකච්ඡා පවත්වනු ඇත.
කොරෝනා හේතුවෙන් කල්දැමූ 2020 ජපනයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල මේ වසරේ පැවැත්වෙන අතර 2024 ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් අගනුවරදී පැවැත්වීමට නියමිතය.
2028 ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හිදීය.