මුතුරාජවෙල තෙත්බිම් අභයභූමිය වහාම පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන සංවර්ධනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.මුතුරාජවෙල අධි සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පූර්ණ අවධානය යොමු වී ඇත.
මුතුරාජවෙළ තෙත්බිම් අභයභූමිය විවිධ පුද්ගලයින් විසින් අත්පත් කර ගනිමින් නීතිවිරෝධී ලෙස එම පරිසර පද්ධතිය විනාශ කිරීමට එරෙහිව මැල්කම් රන්ජිත් කාදිනල්තුමන් හා පරිසර සංවිධාන දිගින් දිගටම හඬ නැගීය.එය දෙස් හා විදෙස් සංචාරක ආකර්ෂණීය පරිසර පද්ධතියක් දක්වා සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙසද ලබන වසර අවසන් වනවිට මුතුරාජවෙල පරිසර පද්ධතිය සුරකිමින් එම කටයුතු අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.