ඉදිරි මාස දෙක තුල මාස ලංකාවේ සිටින භයානක යයි කියන සිරකරුවන් සියලු දෙනාම බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට ගෙන එන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා ,
“දැනට බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ සිර කුටි තිස් දෙකක් තියෙනවා. තවත් මාස දෙකකින් තවත් සිර කුටි තිස් දෙකක් මෙහි ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව ලංකාවේ ඉන්න භයානකයි කියලා කියන සියලුම සිරකරුවන් මෙම බන්ධනාගාරයට ගේනවා ,
මම බන්ධනාගාර අමාත්‍යංශය භාර ගන්න කොට රැඳවියන් තිස් දහසක් පමණ හිටියා. මේ වෙනකොට අපිට පුළුවන් වෙලා තියනවා ඒ සිරකරුවන් පිරිසක් දහනම දහස් ගණනකට අඩු කරන්න. අපි විශේෂයෙන් ම බලාපොරොත්තු වෙනවා වැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙනියන්න. එහි නවීනතම අධි ආරක්ෂිත නව බන්ධනාගාරයක් හදලා බන්ධනාගාර තදබදය අඩු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා”.