බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 20/20 කණ්ඩායමේ නායක දසුන් ශානක තවමත් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට හේතුවී ඇත්තේ ඔහුගේ ඇමරිකානු වීසා ඇතුලත් පැරණි විදේශ ගමන් බලපත්‍රයක් වෙනත් සංචාරයක් ඇතුලත අස්ථාන ගතවීම බව ක්‍රීඩා ආරංචිමාර්ග සඳහන් කරයි.
බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ක්‍රීඩකයන් ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් තොටුපලක් හරහා ගමන් කරන අතර ඒ සඳහා අදාළ වීසා අවශ්‍යවේ. එහෙත් කලින් මීට පෙර ලබා ගත් ඇමරිකානු වීසා ඇතුලත් ගමන් බලපත්‍රය අස්ථාන ගතවීම නිසා අදාල වීසා ලබා දීමට යම් කාලයක් ගතවීම මෙම ප්‍රමාදයට හේතුවී ඇති බව සඳහන්ය.
මේ වනවිට ඔහුගේ නව ගමන් බලපත්‍රයට නව වීසා පහසුකම් ලබා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කරන අතර එම කටයුතු අවසන් වූ වහාම දසුන් ශානක බටහිර ඉන්දීය කොදෙව් වෙත ගොස් සිටින කණ්ඩායම සමග එක්වීමට නියමිතය.
දෙරට අතර පළමු 20/20 තරගය මාර්තු 04 වැනිදා පැවැත්වේ.