You Are the Sunshine of My Life” and “I Just Called to Say I Love You,” ඇතුළු ජනප්රිය ගීත රැසක ගායකයා වන ඇමරිකානු ජාතික ස්ටීව් වොන්ඩර් ඇමරිකා එක්සත් ජනපදය අතහැර ඝානාවේ පදිංචියට යන බව ප්රකාශ කර තිබෙනවා , මෙම ගීත ශ්රීලාංකික ජනතාව අතරද ජනප්රියයි.
ඇමරිකාවේ දේශපාලන ව්යක්කුලත්වය මෙම තීරණයට හේතුවූ බව ඔහු පවසනවා ,
එකිනෙකාගේ වටිනාකම් හඳුනාගත්, එකිනෙකාට ගරු කරන , වඩා සංවේදී රටක් ලෙස ස්ටීව් වොන්ඩර් ඝානාව හඳුන්වයි. මීට පෙර 1994 වසරේදී ද ස්ටීව් වොන්ඩර් මෙසේ ඝානාවට යන බව ප්රකාශ කර තිබිණි.
1950 දී ඇමරිකාවේ මිචිගන් හි උපන් ස්ටීව් වොන්ඩර් Grammy Awards 25 ක් දිනා ඇති ලොව සිටින දක්ෂතම ගායකයෙක් , එසේම ඔහු ගීත රචකයෙක් හා සංගීතවේදියෙක්