27 C
Colombo
25/11/2024

රන්ජන්ගේ දුක සැප බලන්න සජිත් අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට

Share with your friends :

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීය.
පසුව විපක්ෂ නායකවරයා පැවසුවේ සිරගෙදර තුළ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතය බරපතල අවදානමකට ලක්ව ඇති බවත් ආණ්ඩුව මේ පිළිබඳව වහාම සිය අවධානය යොමු කළ යුතු අතරම පවත්නා නීතිමය තත්ත්වය තේරුම් ගනිමින් රන්ජන් රාමනායක මහතා වහාම පාර්ලිමේන්තුවට ගෙන්වීමට කතානායක වරයා කටයුතු කළ යුතු බවයි.
තම පක්ෂය රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින බවත් ඔහු වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියා ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Share with your friends :