කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදු කල දැනුම් දීමක් මත විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.අමාත්‍යාංශය ගමන් කරන වේගයෙන් ගමන් කිරීමට ලේකම්වරයාට හැකියාවක් නැති බැවින් ඉල්ලා අස්වන්නැයි තමන් ලේකම්වරයාට දැන්වූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඔහුගේ ඉල්ලා අස්වීම විෂය භාර ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මගින් ජනාධිපතිවරයා වෙත යවා ඇත. පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් බව ලේකම්වරයා එම ලිපියේ සඳහන් කර තිබේ.