27 C
Colombo
25/11/2024

කොදෙව් සංචාරයේ ගාස්තු ප්‍රශ්නයක් මත චමින්ද වාස් පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්වෙයි

Share with your friends :

හෙට බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා යාමට නියමිතව සිටි ශ්‍රීලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් එම තනතුරින් ඉවත්වී තිබේ.
ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු www.channelnewslanka.com වෙත පැවසුවේ අදාල සංචාරය සඳහා නියමිත ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවන ලෙස චමින්ද වාස් කල ඉල්ලීම ඉටු කරන්නට ක්‍රමවේදයක් නොමැතිවීම නිසා ඔහු මෙසේ ඉල්ලා අස්වූ බවයි.
චමින්ද වාස් හට දැනට මාසයකට රුපියල් පන්ලක්ෂ පනස් දහසක මුදලක් මාසික දීමනාවක් සඳහා වේගපන්දු පුහුණුකරු තනතුරට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙවනු ලබයි. මීට අමතරව හෝටල් , ආහාරපාන හා අනෙකුත් සියලු පහසුකම් සහිතව දිනකට ඇමරිකානු ඩොලර් 100 බැගින් සංචාරයකට ගෙවනු ලබයි. චමින්ද වාස් විසින් මෙම මුදල දිනකට ඩොලර් 200 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ඇති අතර එය ලබා දිය නොහැකි බව දැන්වූ විට ඔහු සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
1996 ලෝක කුසලානය දිනූ ශ්‍රීලංකා කණ්ඩායම නියෝජනය කල චමින්ද වාස් ශ්‍රීලංකාව බිහිකළ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
මේ අතර ඉන්දියාවේ පැවැත්වෙන තවත් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රීලංකාවේ ක්‍රීඩකයන් පිරිසක් සුදානමින් සිටින බවද දැනගන්නට තිබේ. එසේ යන ක්‍රීඩකයන් කවුරුන්දැයි තවමත් දැන ගන්නට නැත. ඒ සඳහා සංවිධායකයන් විසින් විශාල මුදලක් ගෙවන බවද දැනගන්නට තිබේ.

Share with your friends :