27 C
Colombo
25/11/2024

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විට්සර්ලන්තයේදී අද ඇරඹේ

Share with your friends :

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී අද (22) ආරම්භවීමට නියමිත ය.
මෙවර මානව හිමිකම් සැසිවාරය මාර්තු 23වන දින දක්වා පැවැත්වෙනු ඇත.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව තුළ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අන්තර්ජාලය ඔස්සේ ලබන 24වන දින මානව හිමිකම් කවුන්සිලය වෙත දැනුම්දීමට නියමිතය.
මෙවර එක්සත් රාජධානිය, කැනඩාව, මොන්ටිනීග්රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රටවල් ඒකාබද්ධව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනඒමට සැලසුම් කරඇති බව පැවසේ.

Share with your friends :