නෙදර්ලන්ත ගුවනේ පියාසර කල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක එන්ජිමක් ගිනි ගැනීම නිසා එයින් විසිවූ යකඩ කැබලි බිමට පතිත වීම නිසා නෙදර්ලන්තයේ මීර්සෙන් නගරයේ පුද්ගලයන් දෙදෙනෙකු අද තුවාල ලබා තිබේ. එසේම මෝටර් රථ ගනනාවකට හා නිවාස කීපයකටද මෙම කැබලි වැටීමෙන් අලාභ හානි සිදුව තිබේ.
නෙදර්ලන්තයේ මස්ට්රිච් ගුවන්තොටුපලේ සිට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි ගුවන්තොටුපල වෙත පැමිණෙමින් තිබු ගුවන් යානයක් නෙදර්ලන්තයෙන් ගුවන් ගත කර සුළු වේලාවකින් එන්ජිම මෙසේ ගිනි ගෙන තිබේ. ලෝන්ටේල් ගුවන් සමාගමට අයත් බොයිං 747-400 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන යානයක් මෙම අනතුරට මුහුණපා ඇති අතර එන්ජිම ගිනි ගන්නා ආකාරය දුටු ගුවන් තොටුපලේ ගුවන් ගමන් පාලකවරු එය ගුවන් නියමුවන්ට හා ගුවන් යානා කාර්ය මණ්ඩලය වෙත දන්වා තිබේ. එහිදී නියමුවන් වහාම අවශ්‍ය අවසරයන් ලබා ගෙන අසලවූ බෙල්ජියමේ ලීජ් ගුවන්තොටුපල වෙත යානය නිරුපද්‍රිතව ගොඩබස්වා තිබේ. බෙල්ජියමේ ලීජ් ගුවන්තොටුපල ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ එහි දීර්ග ධාවන පථයේ හදිසි තත්වයකට වුවද අවශ්‍ය පරිදි ඉඩකඩ ඇති නිසාය.
පසුගිය පැය 24 ක කාලය තුල සිදුවූ තුන්වන ගුවන් අනතුර මෙය වේ. ඇමරිකාවේ යුනයිටඩ් ගුවන් සේවයේ බොයිං 777-200 වර්ගයේ යානයක් ඊයේ 241 දෙනෙකු සමග ගමන් ගනිද්දී එන්ජිමක් ගින්ගත් අතර එයද නිරුපද්‍රිතව ඩෙන්වර් ගුවන්තොටුපල වෙත යලි ගොඩ බස්වන්නට නියමුවන් සමත් විය. අද නයිජීරියාවේදී හමුදා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් හත් දෙනෙකු මිය ගියහ.