ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්රාන්තයට බලපා ඇති අධික ශීත දේශගුණ තත්වය හේතුවෙන් මේ වන විට 70 දෙනෙකු මිය ගොස් තිබේ.
ටෙක්සාස් ජනපදයේ ඇතැම් ස්ථාන වල උෂ්ණත්වය – 18 දක්වා පහල බැස තිබේ. මෙය තිස් වසරකට පසු ටෙක්සාස් ප්රාන්තයේ වාර්තාවූ අඩුම උෂ්ණත්වය වේ.
මෙම ශීත තත්වය සමග ප්රාන්තයේ බොහෝ ස්ථාන වලට විදුලිය ඇනහිට තිබේ. විදුලිය ඇනහිට නැති ඇතැම් නිවෙස් වලට ඩොලර් 16,000 ක තරම් ඉහල විදුලි බිල්පත් දින කීපයකට ලැබී තිබේ.
මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ටෙක්සාස් ප්රාන්තයේ හදිසි තත්වයක් ප්රකාශයට පත් කර ඇත.