මියන්මාර හමුදා රජයට එරෙහිව එරට මණ්ඩාලේ නගරයේදී අද පැවති උද්ඝෝෂණයට පොලීසිය විසින් කල වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුහ.
මණ්ඩාලේ නගරය එරට දෙවන විශාලතම නගරයයි. අද පැවති උද්ඝෝෂණයට එරට දහස් ගනනක් ජනතාව සහභාගී වුහ.
හමුදා අත්අඩංගුවට ගෙන සිටින අවුන්සාන් සුකී ඇතුළු නායකයන් වහාම නිදහස් කිරීම හා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම උද්ඝෝෂකයන්ගේ ඉල්ලීමයි.
මියන්මාරයේ උද්ඝෝෂණයකදී තුවාල ලැබූ විසි හැවිරිදි තරුණියක මිය යාමෙන් පසු දින මෙම ඝාතන සිදුව තිබේ.