ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ පිපිරීම් තුනකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මියගොස් ඇත්තේ හමුදා සෙබලුන් දෙදෙනකු, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකුයි. එරට පොලිසිය සඳහන් කළේ පළමු පිපිරීම් දෙක සිදුවී විනාඩි 15කින් පසුව අනෙක් පිපිරීම සිදුවූ බවයි. මෙම පිපිරීම් සිදු කර ඇත්තේ වාහන වලට සවිකර තිබූ බෝම්බ දුරස්ථ පාලකයක් මගින් පුපුරවා හැරීමෙන් බවද පොලිසිය සඳහන් කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවද සඳහන්.