27 C
Colombo
24/11/2024

ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියේ හදවත මානව හිමිකම් ආරක්ෂා කිරීමයි – ඇමරිකානු රාජ්‍ය ලේකම්

Share with your friends :

ඇමරිකා එක්සත් ජනපදය පෙර පැවති ආකාරයට නැවත ලොවට පැමිණ ඇතැයි (” America is back”) ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පැවසීය.
BBC ලෝක සේවය සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඇමරිකා එක්සත් ජනපදය කොරෝනා වසංගතය , කාලගුණ විපර්යාස ,ඉරාන න්‍යෂ්ඨික ප්‍රශ්නය ආදී ලෝක ගැටළු හා නව ප්‍රවණතා සම්බන්ධයෙන් මුළුමනින්ම මැදිහත්වන බවද ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බවද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසීය. ලොව පුරා මානව හිමිකම් සමබන්ධයෙන් ඇමරිකානු නව රජය දැඩි ප්‍රතිපත්තිය සිටින බව පැවසු රාජ්‍ය ලේකම්වරයා එය ඇමරිකාවට හිතවත් රටවලටද එකසේ අදාල බව පැවසීය.බයිඩන් පරිපාලනය යටතේ ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියේ හදවත ලෙස මානව හිමිකම් ආරක්ෂා කිරීම පවතින බවත් ලොව සියලු රටවල් ඇමරිකාව ඒ අනුව කටයුතු කරන බව බලාපොරොත්තු විය යුතු බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසුවේ ඩුබායි හි ලතීෆා කුමරිය සම්බන්ධයෙන් විමසු අවස්ථාවේය.
එසේම චීනය කොරෝනා වයිරසය ව්‍යාප්ත වූ ආකාරය වසන් කිරීම සම්බන්ධයෙන් ඔහු දැඩිව විවේචනය කළේය.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රථම ජාත්‍යන්තර සම්මුඛ සාකච්ඡාව වූ මෙය හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ “America First” ප්‍රතිපත්තිය මුලිමනින්ම වෙනස් කරන බවට පැහැදිලිව ප්‍රකාශ කිරීමක් විය.
ලොව පුරා කොවිඩ් එන්නත් ලබා දීමේ වැදගත්කම මෙහිදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේය. ලොව පුරා කොවිඩ් වක්සීන් ලබා දෙන එක්සත් ජාතීන්ගේ කොවැක්ස් වැඩපිළිවෙල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 4000 ක් ලබා දෙන අතර ඒ මගින් රටවල් 190 කට අයත් ජනතාවට එන්නත් මිලියන දෙදහසක් වසරක් තුල ලබා දීමට නියමිතය. ලොව පුරා සියලු දෙනාට එන්නත් ලබා දෙන තුරු කිසිවකුට පූරණ ආරක්ෂාවක් නොලැබෙන බව මෙහිදී රාජ්‍ය ලේකම්වරයා පැවසීය.
ඇමරිකාවේ ලක්ෂ 270 ක ජනතාවකට දැනටමත් කොවිඩ් වැක්සීන ලබාදී අවසන් නමුත් ලොව ඇතැම් රටවල එය තවමත් ආරම්භ වී හෝ නොමැති බවද රාජ්‍ය ලේකම්වරයා පැවසීය.
“ඇෆ්ඝනිස්තානයේ ඇමරිකානු හමුදා එලෙසම පවත්වා ගෙන යනවාද යන්න සම්බන්ධයෙන් මේ වන විට සලක බැලෙමින් පවතිනවා , මියන්මාරයේ පවතින තත්වය අතිශය කනගාටුදායකයි. එරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගමන් කරමින් තිබියදී මෙය සිදු වුවා, චීනය BBC ලෝක සේවයේ විකාශන කටයුතු අත්හිටුවීම හෙලා දකිනවා ” ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Share with your friends :