හැරී කුමරු සහ මේගන් නැවත වරක් රජ පවුලේ රාජකාරී කටයුතු සඳහා එක් නොවන බවත් ඔවුන් තවදුරටත් ඊට අදාල වගකීම් සහ සේවා නොදරන බවත් බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින ප්‍රකාශ කර තිබේ.
එසේම ඔවුන් තවදුරටත් රජ පවුලේ ආදරණීය සාමාජිකයන් බවද මහ රැජින ප්‍රකාශ කර ඇත.
මේ සමබන්ධයෙන් අදහස් දක්වමින් හැරී කුමරු සහ මේගන් පවසා ඇත්තේ ඔවුන්ගේ සේවය ලොවටම ලබා දෙන බවයි.
මේ දෙදෙනා දැනට ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාවේ වාසය කරති. ඔවුන්ට පිරිමි දරුවකු සිටින අතර දෙවන දරු උපත බලාපොරොත්තුවෙන් පසුවෙති.