පළාත් පාලන ආයතනවල ආදායම් වැඩිකරගැනීමට රජය තීරණය කර තිබේ. මේ අනුව වරිපනම් හා අනෙකුත් ගාස්තු වැඩි කෙරෙනු ඇත.
මේ සඳහා පළාත් පාලන පනත සංශෝධනය කෙරේ. දැනට ඇති පළාත් පාලන ආයතන පනත වසර 30ක් පමණ පැරණිය.මීට අදාල සංශෝධන කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. එසේම පළාත් පාලන කටයුතුවලට ජනතාවගේ සහභාගීත්වය වැඩි වශයෙන් ලබාගැනීමට ද මෙම සංශෝධනවලින් අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පවසයි.මීට අමතවර පළාත් පාලන ආයතනවල සීමාව පුලුල් කිරීමක් ද නව සංශෝධන යටතේ සිදුකිරීමට නියමිතය.
කෙසේවෙතත් වරිපනම් ගාස්තු වැඩි කළහොත් කොරෝනා නිසා දැඩි අපසුතාවන්ට ලක්ව සිටින ජනතාවට හා ව්‍යාපාරිකයන්ට දැඩි අපහසුතා ඇති වනු ඇත.