මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව වීථි බැස උද්ඝෝෂණය කල ජනතාව වෙත පොලීසිය කල වෙඩි තැබීමෙන් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මයා කෙයින් නමැති මෙම තරුණිය 20 හැවිරිදි තරුණිය මිය ගොස් තිබේ. ඇය නේ පී ටෝ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ අතර වෛද්‍යවරු ඇය බේරා ගැනීම සඳහා විශාල උත්සහයක් ගත්හ. ඇය සිවුදෙනකුගෙන් යුත් පවුලක බාලයාය.පෙබරවාරි 9 වැනිදා සිදුකල මෙම වෙදිතබීමෙන් ඇයගේ හිසට වෙඩි වැදී තිබූ අතර ඇයගේ දකුණු කණ පසාරු කරගෙන ගොස් ඇති උණ්ඩය මොලයට දරුණු ලෙස හානි ඇතිකර තිබිණි.
මියන්මාරයට ප්රජාතන්ත්රවාදය ඉල්ලමින් එරට නව හමුදා පාලනයට එරෙහිව වීථි බැස සිටින ජනතාවට එරට පොලීසිය ජල ප්‍රහාර එල්ල කරමින් වෙඩි තැබීමෙන් විශාල පිරිසක් තුවලා ලැබූහ. විරෝධතාකරුවන් පලවා හැරීමට පොලීසිය රබර් උන්ඩ වලින් වෙඩි තබන අතරේ සාමාන්‍ය තුවක්කු වලින්ද ජීව උණ්ඩවලින් වෙඩි තැබීම් කර තිබේ. අවුන්සාන් සුකී ගේ රජය නැවත වරක් වහාම බලයට පත් කිරීම විරෝධතාකරුවන්ගේ ඉල්ලීම විය. රජයේ සේවකයන් පවා දහස් ගණනින් විරෝධතා සඳහා එක්ව සිටි අතර එරට තරුණ තරුණියන් විශාල වශයෙන් උද්ඝෝෂණවලට එක්ව සිටින අතර කිසිදු භේදයකින් තොරව රටේ සමස්ත ජනතාව හමුදා පාලනයට එරෙහිව නැගී සිටීම විශේෂත්වයකි.