උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ බිරිඳ වන රී සොල්-ජු වසරකටත් වැඩි කාලයකට පසුව ප්‍රසිද්ධියේ ජනතාව අතරට පැමිණ සිටින අයුරු පෙන්නුම් කෙරෙන ඡායාරුප කිහිපයක් එරට රාජ්‍ය මාධ්‍ය මුදා හැර තිබුණා. එම ඡායාරුප ගෙන තිබුණේ ඇය කිම් ජොන්-උන් සමඟ ඔහුගේ පියා වන උතුරු කොරියා හිටපු නායක අභාවප්‍රාප්ත කිම් ජොන්-ඉල්ගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදීයි. ඇය වසරකටත් අධික කාලයක් ජනතාව එක්රැස්වන උත්සව අවස්ථා වලට සහභාගී නොවී ඇත්තේ ලොව පුරා ශීග්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වයිරසයෙන් ආරක්ෂා වීමට හෝ ගැබ්ගැනීම නිසා බව බොහෝදෙනා විශ්වාස කළා ,
එසේම ඇයට දරුවන් සමඟ කාලය ගත කිරීමට අවශ්‍යව තිබූ නිසා එසේ කල බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. උතුරු කොරියාවේ තවමත් නිල වශයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වී නොමැති බවයි එරට වර්තා සඳහන් කරන්නේ.
රී සොල්-ජු එරට ඉහලම ප්‍රභූ පවුලකින් පැවත එන අතර ඇගේ පියා මහාචාර්යවරයෙක් වන අතර මව ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥවරියක් . 31 හැවිරිදි රී සොල්-ජු කලක් ගායිකාවක් ලෙසටද කටයුතු කර තිබේ. 2009 දී විවාහ වූ මේ දෙදෙනාට දරුවන් තිදෙනෙකු සිටිනවා