27 C
Colombo
25/11/2024

අමාත්‍යංශ කීපයක විෂය පථ වෙනස් කෙරේ

Share with your friends :

අමාත්‍යංශ කිහිපයකට අයත් විෂයපථය සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
මේ යටතේ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ, ඉඩම් යන අමාත්‍යංශවලට සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන සංශෝධනය කර තිබේ.

නව ගැසට් පත්‍රයට අනුව සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතට පත්කර ඇත.

මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ඉඩම් ‍කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ඉඩම් මැනුම් සභාව, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 07 ක් ඉඩම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.

Share with your friends :