මෙතෙක් හමුවී ඇති කොරෝනා ප්‍රභේද වලට වඩා වෙනස් තවත් නව කොරෝනා ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් හමුවී තිබේ.
B.1.525 ලෙස නම් කර ඇති මෙය යම් තාක් දුරට දකුණු අප්‍රිකාවෙන් හමුවූ කොරෝනා ප්‍රභේදයට සමානකම් දක්වයි. මේ දක්වා එම නව වයිරසය වැළඳුනු රෝගීන් 38 ක් හමුවී ඇති අතර එයින් 36 ක් එංගලන්තයෙන් ද තවත් දෙදෙනෙක් වේල්සනද හමුවී තිබේ.
මෙම රෝගීන් ඩෙන්මාර්කය , ඇමරිකා එසත් ජනපදය හා නයිජීරියාව යන රටවලින්ද හමුවී ඇති බව මේ වන විට වාර්තා වී තිබේ.
කෙසේ වෙතත් මෙහි ඇති විශේෂ ලක්ෂණ සම්බන්ධයෙන් මේ වන විට බ්‍රිතාන්‍ය පර්යේෂකයෝ පර්යේෂණ පවත්වමින් සිටිති.