27 C
Colombo
25/11/2024

රටේ සියලු ජනතාවට කොවිඩ් එන්නත නොමිලේ දෙන්න – විපක්ෂ නායක සජිත්

Share with your friends :

කොවීඩ් එන්නත ජනතාවට ලබා දෙන ක්‍රමවේදය පිළිබඳවත් වහාම රටට හෙළි කරන ලෙසද , ලක්ෂ 220 ක වන රටේ සමස්ත ජනතාවට කොවිඩ් එන්නත නොමිලේ ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ “සත්කාරය” විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමිනි.
කොවීඩ් මර්දන එන්නත ලබාදීම රටේ ප්‍රමුඛතම කාර්යය විය යුතු බවත් ඒ සඳහා විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.කොරෝනා නව ප්‍රභේදයත් ලංකාවට ඇවිත් තිබෙන බවත් ඊට මුහුණ දීමට සැලැස්මක් නැති ආණ්ඩුව ජීවිත අවදානමකට ලක්කොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Share with your friends :