තම බිරිඳ හා නැන්දම්මා ගේ හිරිහැර ඉවසාගත නොහැකිව ප්‍රකට ඉන්දියානු නළු සන්දීප් නහාර් දිවි නසාගෙන තිබේ.
අදාළ හිරිහැර කිරීම් හා තර්ජන පිළිබඳව ෆේස් බුක් සටහනක්ද තබා ඇති ඔහු පසුව ලිපියක් ලියා පවසා ඇත්තේ තම දිවි නසා ගැනීමට කිසිවකු වගකිව යුතු නැති බවයි.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ “එම් එස් දෝනි – ‘දි අන්ටෝල්ඩ් ස්ටෝරි” සඳහා ඔහු රංගනයෙන් දායක විය.
එම චිත්‍රපටයේ දෝනිගේ චරිතය වෙනුවෙන් පෙනී සිටි සුප්‍රකට රංගන ශිල්පී සුශාන්ත් සිං රාජ්පුත්ද ඉකුත් වසරේ දිවි නසාගත් අතර ඒ සම්බන්ධයෙන් ද දැඩි ආන්දෝලනයක් ඇතිවූ අතර ඒ සම්බන්ධ පොලිස් පරීක්ෂණ තවමත් අවසන් නැත. “එම්. එස්. දෝනි” සිනමාපටයේ දෝනිගේ මිතුරා ලෙස රංගනයෙන් දායකත්වය දක්වන්නේ සන්දීප් නහාර්ය.
දිවිනසාගැනීමට පෙර සන්දීප් නහාර් වීඩියෝවක ද පෙනී සිටිමින් එයද ෆේස්බුක් ගිණුමට ඇතුළත් කර තිබිණි. සන්දීප් නහාර් මුම්බායිහි ඔෂිවාරාහි පිහිටි නිවාස සංකීර්ණයක දී, සිවිලිමේ පංකාවක එල්ලී ඔහු දිවි නසාගෙන තිබෙ.ඔහුගේ සිරුර දුටු ඔහුගේ බිරිඳ, නිවාස සංකීර්ණයේ හිමිකරු සමඟ එක්ව ඔහුව පෞද්ගලික රෝහල් දෙකකට රැගෙන ගොස් ඇති නමුත්, ඒවනවිටත් ඔහු මිය ගොස් සිටි බව වෛද්‍යවරු පවසති.
සන්දීප් නහාර්ය ජනප්‍රිය නළු අක්ශේ කුමාර් ගේ කේසරි චිත්‍රපටියේද රඟපෑවේය. සන්දීප් සිය බිරිඳ කන්චන් සමග නිරන්තරයෙන් ගැටුම් ඇති කරගත් බවත් ඔවුන්ගේ පවුල් ජීවිතයේ ගැටළු රැසක් පැවති බවත් ඔවුන්ගේ හිතවතුන් පවසති. මේ අතර ඔහු දිවිනසා ගැනීමට පෙර බොලිවුඩයේ චිත්‍රපට කර්මාන්තයේ ගැටළු ගැනද ලියා තිබිණි. ඔහුට ලැබුණු චිත්‍රපට අවසන් මොහොතේ අධ්යක්ෂවරුන් විසින් වෙනත් නළුවන්ට ලබා දුන් බවටද ඔහු චෝදනා කර තිබිණි.
ඉන්දීය පොලිසිය මේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
‘