අධ්‍යාපන කටයුතු හැර පාසල්වල පවත්වන විෂය බාහිර සෙසු ක්‍රියාකාරකම්, වැඩසටහන්, උත්සව යනාදීය තාවකාලිකව කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කලාප අධ්‍යාපන නිලධාරීන්ගේ මාර්ගයෙන් පාසල්වලට දැනුම් දී තිබේ. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
කොරෝනා ව්‍යාප්තියක් පවතිද්දීත් ඇතැම් පාසල්වල විවිධ උත්සව සහ බාහිර ක්‍රියාකාරකම් පවතින බවට අධ්‍යාපන අමාත්‍යංශයට තොරතුරු ලැබී ඇත.මේ වනවිටත් සංවිධානය කර ඇති එවැනි වැඩසටහන්ද නවතා දැමීමට කටයුතු කරන ලෙස පාසල්වල විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇත.