සියලු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට අද සිට කොරෝනා මර්දන එන්නත ලබාදීමට කටයුතු යොදා තිබේ.
එන්නත ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කොළඹ යුද හමුදා රෝහල වෙත උදෑසන 8.30ත් 12.00ත් අතර පැමිණිය යුතු අතර ඒ අනුව, 16, 17, 18 සහ 19 යන දිනවලදී කොරෝනා මර්දන එන්නත ඔවුන්ට ලබාදෙනු ඇත.