හිටපු කතානායක වි.ජ.මු.ලොකුබණ්ඩාර මහතා අභාවප්රප්ත්වී තිබේ. මිය යන විට 80 හැවිරිදි වියේ පසුවූ ලොකුබණ්ඩාර මහතා කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් අංගොඩ පිහිටි IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
ලොකුබණ්ඩාර මහතා 1977 සිට වසර 33 කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින්ද විවිධ ඇමති ධුර දරමින්ද කටයුතු කළේය.
විජේසිංහ ජයසිංහ මුදියන්සේලාගේ (විජමු) ලොකුබණ්ඩාර මහතා වසර 2004 සිට 2010 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙසින් කටයුතු කළේය. පසුව 2010 සිට 2015 දක්වා සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසින්ද කටයුතු කර ඇත.
1941 අප්‍රේල් මස 5 වැනිදා හපුතලේදී උපත ලද ඒ මහතා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබීය.