පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාසල් වේලාවෙන් බැහැර ක්‍රීඩා පුහුණුවීම සදහා ලංගම බස්වලින් යාමට මගී ප්‍රවාහන ගමන් වාර ප්‍රවේශපත්‍රයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
” ඒ සදහා ප්‍රවාහන අමාත්‍යතුමා සමගත් සාකච්චා කරලා ඉදිරි පියවර ගන්නවා,පාසල් ක්‍රීඩාව දියුණු කිරීම අපේ වගකීමක්. ඒ නිසා ඒ වෙනුවෙන් ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙවෙයි හැම පාසල් ක්‍රීඩාවක්ම දියුණු කරන්න අපි කටයුතු කරනවා. සෑම පාසල් ක්රීඩයකුගේම විනය ඉතාම ඉහලින් තිබිය යුතුයි. විනයක් නැතිව පාසල් ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න බැහැ” යයිද රාජපක්ෂ මහතා පවසයි.
මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක සියලුම පාසල් සිසුන් සඳහා නොමිලේ බස් රථ වල ගමන් කල හැකි නිදහස් ගමන් බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මකය.