බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මඩොල්සිම ඇකිරිය ප්‍රදේශයේ එගොඩ ගම ,අළුත්වත්ත ,පල්ලේවෙල ,යන ගම්මානවලට අද (12) අලුයම 4.53ට පමණ භූකම්පන තත්වයක් ඇතිවී තිබේ.ඇකිරිය ගම්මානයේ පවුල් 325කට අයත් 1200ක පමණ පිරිසක් ජීවත් වෙති. මෙම භූ කම්පනය තමන්ට හොඳින් දැනුන බව ප්‍රදේශවාසීහු පවසති.
මේ අතර අද අලුයම 4.53 ට පමණ මෙම භූචනලය වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය ද සනාථ කර තිබේ.
මීට පෙර මෙම ප්‍රදේශයට ඉකුත් 22වන දින අලුයම 3.30ට, එදිනම රාත්‍රි 9.55ට,23 වන දින උදෑසන 10ට පමණ ,31 වන දින අලුයම 2.59ට පමණ මෙසේ භූ කම්පන ඇති වී තිබිණි. වරින්වර සිදුවන භූ කම්පන නිසා මේ වන විට ගම්මානයේ ජනතාව අතර යම් බියක්ද හට ගෙන තිබේ.
ඉකුත් 31 වන දින භූ විද්‍යා සාමීක්ෂණ හා පතල් කාර්යංශයේ නිලධාරීන් පිරිසක් ඇකිරිය ගම්මානයට පැමිණ පරීක්ෂාකර ගම්මානයේ නිවසක් තුල භූ කම්පන මාපකයක් සවිකළ අතර එය නැවත අධ්‍ය්‍යනය කිරීමට නියමිතව තිබිණ.