මියන්මාරයේ රාජ්ය බලය අල්ලාගෙන සිටින හමුදා නායකයන් ,ඔවුන්ගේ පවුල් වල අය සහ ඔවුන්ගේ ව්යාපාරික සහකරුවන්ට ඇමරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පනවා තිබේ.
මේ සම්බන්ධ විධායක නියෝගයට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අත්සන් කර තිබේ.මේ අනුව අදාළ පුද්ගලයන් සඳහා දැඩි සම්බාධක පැනවෙනු ඇත.එසේම මේ වන විට ඇමරිකාවේ ඇති මියන්මාර රජය සතු ඇමරිකානු ඩොලර් මිලියන දහසකට අධික මුදලක් මුදා නොහැරීමටද ඇමරිකානු රජය තීරණය කර තිබේ.
මියන්මාර පොලීසිය සිවිල් ජනතාවට වෙඩි තැබීමත් සමග ඇමරිකානු බලධාරීන් මෙම තීරණය ගෙන තිබේ.