27 C
Colombo
24/11/2024

බයිඩන් චීන ජනපතිට කතා කර මානව හිමිකම් වෙළඳ අර්බුද හොංකොං ගැන ප්‍රශ්න කරයි

Share with your friends :

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් චීන ජනාධිපති ෂි ජින්පින් වෙත දුරකථන ඇමතුමක් දෙමින් චීනයේ ශින්ජියාන්හි මානව හිමිකම් කඩවීම්, ඇමරිකා චීන වෙළඳ අර්බුදය, හොංකොං ප්‍රශ්නය හා තායිවානයට සිදු කෙරෙන චීන බලපෑම් සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබේ.
මෙහිදී චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව හා චීනය අතර සම්බන්ධතා පළුදුවුවහොත් එය රටවල් දෙකටම විනාශය ගෙන දෙනු ඇති බවයි. නව බයිඩන් පරිපාලනය සමග ඇමරිකාව සමග ට්‍රම්ප් සමයේ බිඳුණු සම්බන්ධතා යහපත් ලෙස වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන බව පසුගිය සති කීපය පුරා චීනය පවසා තිබිණි.
චීනයේ ලුනාර් නව වසර ආසන්නයේ මෙම දුරකථන සංවාදය සිදුවීම විශේෂත්වයකි.
මේ අතර ධවල මන්දිරය පවසන්නේ චීනයේ අසාධාරණ ආර්ථික ක්‍රියාකාරකම් ,හොංකොං දේශයට සිදු කරන මැදිහත්වීම් ,ශින්ජියාන් හි මානව හිමිකම් කඩකිරීම් , තායිවානය හා එම කලාපයේ චීනය සිදු කරන බලහත්කාරී ක්‍රියාකාරකම් ඉහළයාම සම්බන්ධයෙන් ප්‍රශ්න මෙම දුරකථන සංවාදයේදී ජනාධිපති ජෝ බයිඩන් විසින් චීන නායකයා වෙත යොමු කල බවයි.
එසේම කොරෝනා වසංගතය , ලෝක සෞඛ්‍ය ප්‍රශ්න හා ඒ සම්බන්ධ අභියෝග,කාලගුණ විපර්යාස අභියෝග,ආදී ක්ෂේත්‍ර සමබ්න්ධයෙන්ද නායක දේපල සාකච්ඡා කර තිබේ.

Share with your friends :