ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල ඇතැම් ක්රියාවන් නිසා ආණ්ඩුවට සිදුවන බරපතල හානි වලින් ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවගේ සංවේදී ප්රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරවීම සඳහා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්රීවරුන් සංවිධානයක් පිහිටුවා තිබේ.
එහි මූලික සාකච්ඡාවක් පසුපෙළ මන්ත්රීවරුන් 30 වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්රී විවේකාගාරයේ පවත්වා තිබේ.
ඇමති විමල් වීරවංශ මහතා කළැයි කියන ප්රකාශය සම්බන්ධයෙන්ද පසුපෙළ මන්ත්රීවරුන් කිහිපදෙනකු එහිදී අදහස් දක්වා ඇති අතර කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳව සමහර ඇමතිවරුන්ට සිහිපත් කර දෙන්නට සිදුවී ඇතැයි ද අදාල් කතාව සම්බන්ධයෙන් වහාම සමාව ගතයුතු බවද ඔවුන් පවසා ඇත.
මේ අතර ජනාධිපති ගෝඨාභය මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාත් වෙන වෙනම හමුවී සාකච්ඡා කිරීම සඳහා අවස්ථා ලබාගැනීමට එම මන්ත්රීවරුන් ලිපියක් ද යවා තිබේ.