27 C
Colombo
25/11/2024

සවුදි කාන්තාවන්ට පුරුෂාධිපත්‍යයෙන් නිදහස දුන් ලොජේන්ගේ නිදහසට බයිඩන් මැදිහත් වෙයි

Share with your friends :

සවුදි අරාබියේ කාන්තාවන්ට පුරුෂාධිපත්‍යයෙන් නිදහස ලබා දීම සඳහා මුලිකත්වය ගත් ලොජේන් අල් හතෝල් නිදහස් කිරීමට සවුදි බලධාරීන් කටයුතු කර තිබේ.
එරට මුල් පෙලේ කාන්තා ක්‍රියාකාරිනියක වූ ඇය දින දහසකට වැඩි කාලයක් බන්ධනාගාර ගත කර තිබිණි.2018 දී ඇය සිරගත කරන ලද අතර 2020 දෙසැම්බර් මාසයේදී ඇයට වසර හයක සිර දඬුවම් නියම කරන ලද්දේ රටේ ජනතා මතය වෙනස් කිරීමට උත්සහ දැරීම , විදෙස් රටවල උවමනාවන්ට අනුව කටයුතු කිරීම , මහජන සාමය බිඳ වැට්ටවීම සඳහා අන්තර්ජාලය භාවිතය ආදී චෝදනා ගණනාවක් යටතේය. කෙසේ වෙතත් ඇය සිරගත කිරීම ලොව පුරා දැඩි විවේචනයට ලක්විය.පසුව ඇයගේ දඩුවම් කාලය අඩු කිරීමට එය හේතුවක් විය.
ඇය නිදහස් කිරීමට මුලිකවම හේතු වුයේ ඇමරිකා එක්සත් ජනපදයේ බයිඩන් පරිපාලනය යටතේ සවුදි අරාබිය වෙත පැමිණි බලපෑම් බව පැවසේ. සවුදි රජයේ ප්‍රධානතම ජාත්‍යන්තර සහකරු වන්නේ ඇමරිකාවයි. සවුදි අරාබිය මානව හිමිකම් වලට ගරු කිරීම , කාන්තා අයිතිවාසිකම් හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම කල යුතු යුතු බව පසුගියදා බයිඩන් පරිපාලනය දැඩිව කියා තිබිණි.
සවුදියේ කාන්තාවන්ට රිය පැදවීමේ අයිතිය ලබාදීමට මුලික වුයේද ඇයයි.

Share with your friends :