මියන්මාරයේ ආණ්ඩු බලය අල්ලා ගත් එරට හමුදාව විසින් ප්රජාතන්ත්රවාදී නායිකා අවුන්සාන් සුකී ගේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගයේ පක්ෂ කාර්යාලයට කඩාවැදී එය විනාශ කර දමා තිබේ. එරට රාත්රී ඇඳිරි නීතිය ක්රියාත්මක වෙමින් තිබියදී පක්ෂ මුලස්ථානයට හමුදාව කඩා වැදී ඇත.
පක්ෂ කාර්යාලයේ දොරවල් කඩා බිඳ දමා තිබේ. මේ වන විට එරට ජනතාව දසදහස් ගණනින් වීථි බැස විරෝධතා දක්වන අතර ලොව පුරා විරෝධය හමුදා පාලකයන් වෙත එල්ල වී තිබේ.
හමුදා කුමන්ත්රණයෙන් පසුව අවුන්සාන් සුකී සහ එම පක්ෂයේ ප්රධාන නායකයෝ අතුරුදහන්ව සිටිති. ඔවුන් කුමන ස්ථානයක රඳවා ගෙන ඇත්දැයි මෙතෙක් හෙළිවී නැත.