චීන තාක්ෂණික දැවන්තයින් වන අලිබාබා සහ ජේඩී.කොම් යන සමාගම් ඔවුන්ගේ ප්රමුඛ වෙළදපොළ තත්වය අනිසි ලෙස භාවිත කිරීම වැළක්වීමේ අරමුණෙන් චීනයේ වෙළදපොළ නියාමන රාජ්‍ය පරිපාලන ආයතනය මෙම නව නීති පනවා තිබෙනවා. මෙම නව නීති මඟින් වෙළදපොළ කටයුතුවලදී ඔවුන් සමඟ පමණක් ගනුදෙනු කිරීමට බල කිරීම වලක්වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අසාධාරණ වෙළඳ කොන්දේසි පැනවීම මෙමගින් සීමා වන බවට ඔවුන් විශ්වාස කරනවා. චීනයේ මෙම සමාගම් අතර තරඟකාරී විරෝධී හැසීරීම් වැඩි වෙමින් තිබූ පසුබිමකයි මෙම නව මාර්ගෝපදේශ හඳුන්වාදෙනු ලැබුවේ. මෙම නව නීති මාලාව ඊයේ දිනයේ පැනවූ අතර අද දින එම නීති කඩ කල එක් වෙළෙඳ සමාගමකට අමෙරිකා ඩොලර් ලක්ෂ 5ක දඩ මුදලක් නියම කල බවද වාර්තා වනවා.