උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රදේශයේ චමෝලි දිස්ත්‍රික්කයේ පිහිටි වේල්ලකට නන්දා දේවි ග්ලැසියරයේ කොටසක් කඩා වැටීමෙන් ගංවතුර සහ නායයෑම් තත්වයක් ඇතිවුණා. ජල ගැල්ම හටගත් ස්ථානයේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතියක් සිදුකෙරෙමින් තිබූ අතර එහි සේවකයින් 160කට වැඩි පිරිසක් සේවය කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තවත් 200 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. අඩි 12ක පමණ උසකින් යුත් අඩි 15ක පමණ පළලැති 2.5km ක් දිගැති උමගක සිරවී සිටි පුද්ගලයින් 16 දෙනෙකු බේරාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 39 දෙනෙකු පමණ සිරවී සිටින බවට ඔවුන් විශ්වාස කරනවා. ඔවුන් සොයා පැය 48ක සිට අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි.