27 C
Colombo
25/11/2024

බන්දුලගේ මිල දර්ශනයට වඩා පිටකොටුවේ බඩු ලාභයි – තොග වෙළෙන්දෝ කියති

Share with your friends :

අත්‍යවශ්‍ය භාණ්ඩ 27 ක් සඳහා වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් නියම කර ඇති ස්ථාවර මිලට වඩා අඩුවෙන් එහි සඳහන් ඇතැම් භාණ්ඩ පිටකොටුව තොග වෙළඳපොලේ මිලදී ගැනීමට හැකි බව තොග වෙළෙන්දෝ පවසති.එසේම ඇතැම් ද්‍රව්‍යවල දැනට පවතින පාලන මිලගණන් වලට වඩා වැඩි මිලගණන් නව ස්ථාවර මිල යටතේ නියම කිරීම නිසා ජනතවට වැඩි මිලක් ගෙවන්නට සිදුවනු ඇත.
අදාළ මිල ගණන් අනුව පරිප්පු කිලෝවක මිල රුපියල් 165 ලෙස දක්වා ඇතත් මේ වන විට පිටකොටුව තොග වෙළඳ පොලේ පරිප්පු කිලෝවක මිල රුපියල් 150 ත් 155 ත් අතරවේ.ලොකු ළූණු මිල කිලෝව රුපියල් 120 ලෙස දක්වා ඇතත් පිටකොටුව තොග මිල රුපියල් 60 ක් පමණවේ.
ආණ්ඩුව අයකරන රුපියල් 50 ක බද්ද යටතේ වුවද මේ වන විට ආනයනික අල කිලෝවක මිල රුපියල් 90 ත් රුපියල් 100 ත් අතරවේ. අදාළ මිල ලයිස්තුවේ අල කිලෝවක මිල ලෙස රුපියල් 140 ක් සඳහන්වේ. වියලි මිරිස් කිලෝව පිටකොටුව තොග වෙළඳ පොලේ රුපියල් 465 ත් 470 ත් අතරවේ.
සීනි සඳහා ආණ්ඩුව රුපියල් 85 ක පාලන මිලක් නියම කර තිබියදී සතොස හා සමුපකාර මිල ලෙස රුපියල් 99 ක මිලක් නියම කර තිබේ.
රජය පසුගිය වසරේ සිට නියම කර ඇති පාලන මිල අනුව රතු කැකුළු සහල් හා සුදු කැකුළු සහල් සඳහා රුපියල් 93 ක්ද නාඩු සඳහා රුපියල් 96 ක් ද සම්බා සඳහා රුපියල් 99 ක් ද, කීරි සම්බා සඳහා රුපියල් 125 ක්ද වේ. ඒ අනුව ගත අක නව ලයිස්තුවේ පවතින්නේද එම මල ගණන්ය.
එසේම මේ හේතුවෙන් ලෝක වෙළඳපොලේ මිල ගණන් අඩු වුවද එසේ අඩු මිල ගණන් යටතේ මිලදී ගැනීමට සතොසට හා සමුපකාර වලට නොහැකිවේ. එහෙත් ඩොලරයේ අගය රුපියල් දෙසීයට වඩා වැඩි වුවහොත් හෝ බදු වැඩි වුවහොත් මිල වැඩි කරන්නට වෙළඳුන්ට අවස්ථාව ලැබේ. මේ නිසා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා බඩුමිල අඩු කිරීමේ පිවිතුරු චේතනාවෙන් මේ ක්‍රමය ආරම්භ කලද එහි සැබෑ ප්‍රතිඵල ජනතාවට ලැබේදැයි සැක සහිතය.

Share with your friends :