27 C
Colombo
24/11/2024

පකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් ලබන 22 වැනිදා ශ්‍රීලංකාවට

Share with your friends :

පකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් ලබන 22 වැනිදා ශ්‍රීලංකාවට පැමිණීමට නියමිතය. පකිස්ථානු අගමැතිවරයා ශ්‍රීලංකා ජනාධිපති ,අගමැති සහ විදේශ ඇමතිවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ශ්‍රීලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාවලියට එරෙහිව මුස්ලිම් රටවල් වල සහයෝගය ලබා ගැනීම සඳහා ශ්‍රීලංකාවට පකිස්ථානු සහය ලැබෙන බව සඳහන්ය.
පකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායකයකුද වන ඉම්රාන් ඛාන් ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අතර අතිශය ජනප්‍රිය පුද්ගලයෙකි.

Share with your friends :