27 C
Colombo
24/11/2024

ඇමරිකානු ජනාධිපතිගේ නිල ගුවන් යානය තිබු ස්ථානයට හොරෙන් පුද්ගලයෙක් ඇතුළුවෙලා

Share with your friends :

ඇමරිකානු ජනාධිපතිවරයා ගමන් ගන්නා නිල ගුවන් යානය වන Air Force One ගුවන්යානය නවතා තබන ඇමරිකානු ගුවන් හමුදාවට අයත් මේරිලන්ඩ්හි ඇන්ඩ්රූස් අධි ආරක්‍ෂිත කලාපයේ නවතා තිබු තවත් අධිආරක්ෂිත සුපිරි ගුවන් යානයකට කිසියම් පිටස්තර පුද්ගලයකු රහසිගතව ඇතුළුවීම සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක අංශ දැවැන්ත පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. කිසිදු ආයුධයක් රහිතව එම පරිශ්‍රයට ඇතුළු වී සිටි එම පුද්ගලයා ආරක්ෂක අංශවලට හසුවී ඇත්තේ එහි නවතා තිබු තවත් අධි ආරක්‍ෂිත සුපිරි ගුවන් යානයක් වන C-40 ගුවන් යානයේ නැගී සිටියදීය.
Boeing 737-700 ව්‍යාපාරික ජෙට් යානයක් වන මෙය උඩු ගුවනේ කාර්යාලයක් ලෙස භාවිත කල හැකි සුපිරි අධි තාක්ෂණික පහසුකම් වලින් යුක්ත වුවකි.මෙය ඇමරිකානු රජයේ ඉහලම නිලධාරීන් හා ඉහලම හමුදා නිලධාරීන් භාවිතා කරන ගුවන් යානයකි.
මෙම සිද්ධියත් සමග ලොව පුරා ඇමරිකානු ගුවන් හමුදා කඳවුරුවල ආරක්ෂාව සම්බන්ධයෙන් යලි පුර්ණ විමර්ශනයක් සිදු කිරීමට නියමිතය.
මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් හෙළිදරව් කර නොමැති අතර ඔහුට එරෙහිව කලින් නිකුත් කල වරෙන්තු දෙකක් තිබීම නිසා ඔහු ප්‍රාදේශීය ආරක්ෂක බලධාරීන්ට භාරදී තිබේ.කෙසේ වෙතත් මොහු කිසිදු අන්තවාදී කණ්ඩායමක් සමග සම්බන්ධතා පැවැත්වූ බවක් හෙළිවී නොමැත.
මේරිලන්ඩ්හි ඇන්ඩ්රූස් අධි ආරක්‍ෂිත කලාපය ඇමරිකාවේ වොෂින්ටන් ධවල මන්දිරයේ සිට කිලෝමීටර් 24 ක් දුරින් පිහිටා ඇති අතර එය ඇමරිකානු ජනාධිපතිවරයා , උප ජනාධිපතිවරයා සහ අනෙකුත් ඇමරිකානු බලධාරීන් නිරතුරුවම භාවිත කරන ස්ථානයකි. පසුගිය සිකුරාදා දිනයේද ඇමරිකානු ජනාධිපතිවරයා එහි සිට ඩෙලවෙයාර් දක්වා ගොස් තිබිණි.

Share with your friends :