27 C
Colombo
24/11/2024

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න බන්දුල මැදිහත්වෙයි – ආනයනකරුවන් සමග ගිවිසුමක්

Share with your friends :

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල වෙළඳපොළ මිල ගණන්වලට වඩා අඩුවෙන්, සතොස, සමූපකාර හා කිව් ෂොප් හරහා ඉදිරි මාස තුනකදී ලබාදීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් සමග රජය ගිවිසුමක්ද ඇති කර ගෙන තිබේ. මෙම ගිවිසුම අනුව ඩොලරය රුපියල් දෙසීය හෝ ඊට අඩුවෙන් පැවතිය යුතු අතර දැනට ඇති බදු එලෙසම පැවතිය යුතුය. බදු වැඩි වුවහොත් භාණ්ඩ මිල වැඩි කරන බව ආනයනකරුවන් පවසා තිබේ. එසේම මේ මිල යටතේ මිලදී ගන්නා භාණ්ඩ සඳහා අදාළ ආයතන විසින් ආනයනකරුවන් වෙත සතියක් තුල ගෙවීම් සිදු කල යුතු වේ.
මෙහිදී, අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 හි දැනට වෙළඳපොළෙහි පවතින මිල ගණන් හා භාණ්ඩ ස්ථායීකරණ ව්‍යාපෘතිය යටතේ සතොස, සමූපකාරය හරහා පාරිභෝගිකයාට නිකුත් කරන මිල ගණන් යන දෙකෙහි වෙනස මගින් ජනතාවට සහනයක් ලැබෙන බව වෙළඳ ඇමතිවරයා පවසයි.
පවත්නා ගෝලීය වසංගත තත්වය හමුවේ ජනතාවට උපරිම සහන ලබාදීම සඳහා ලබන සඳුදා සිට මෙය ක්‍රියාත්මක කෙරෙන බවද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාළ මිල ගණන් මෙසේය.

 

Share with your friends :