වර්තමානයේ සිදුවන දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කිසියම් සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළහොත් හිම වලසුන් වසර 2100 දී මොලොවින් තුරන්ව යාහැකි බව විද්‍යාඥයින් අනතුරු හඟවා තිබේ.
ගෝලීය උෂ්ණත්වය ඉහළයාමත් සමග මේ වන විට ආක්ටික් සාගරයේ හිම කඳු දියවන්නට පටන් ගෙන ඇති අතර මෙය ඉදිරියේදී තවදුරටත් වේගවත්ව සිදු වනු ඇතැයි විද්‍යාඥයෝ අනතුරු හඟවති.
කැනඩාවේ ඔන්ටාරියෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් පවසන්නේ හිම කඳු දියවීමත් සමග හිම වලසුන්ට යන්නට තැනක් නොමැති වන බවයි.
මේ වන විටත් හිම කඳු දියවීම ලෝකයේ හිම වලසුන්ගේ ගහනය අඩු වීමට බලපා තිබේ.
විශේෂයෙන්ම මෙය හිම වලස් පැටවුන්ගේ මරණ වලට බලපා ඇත. උෂ්ණත්වය වැඩි කාල වලට වලස් මව්වරුන්ට තම පැටවුන්ට අවශ්‍ය කිරි නිපදවීමට වලස් මවරුන්ගේ ශරීරයේ ඇති මේදය ප්‍රමාණවත් නොවීම නිසා නිසි පෝෂණයක් නොලැබීමෙන් වලස් පැටවුන් මිය යන බව හෙළිවී තිබේ.