ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හා බොස්ටන් ඇතුළු ප්‍රධාන නගර රැසකට දරුණු හිම කුණාටුවක් ඇති වී තිබේ. මේ වන විට නිව්යෝර්ක් නගරයට අඟල් 12 ක පමණ හිමපතනයක් සමග දරුණු සුළං තත්වයක් බලපා ඇත. නිව්යෝර්ක් නගරය තුල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. අත්‍යවශ්‍ය කාරණයකට හැර වෙනත් කාරණා සඳහා නගරය තුල රථ වාහන ගමනාගමනය සීමා කර තිබේ. ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර 80 වේගයට හිම සමග සුළං පවතී. හැකිතාක් නිවෙස් වල රැඳෙන ලෙස ජනතාවට බලධාරීන් දැනුම්දී තිබේ.ඇතැම් ස්ථානවල අඩි දෙකක පමණ හිම තට්ටු ඇතිවී තිබේ.