27 C
Colombo
24/11/2024

පැය කිහිපයක් ඇතුළත කොවිඩ්-19 වයිරසය පෙනහලු සෛල වලට හානි කරන්නේ කෙසේද?

Share with your friends :

කොවිඩ්-19 ආසාදිත පෙනහලු සෛල දහස් ගණනක් මාස කිහිපයක සිට පර්යේෂණ සිදු කරමින් විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙය සොයා ගෙන තිබෙනවා. මෙම වයිරසය තොග වශයෙන් ප්‍රතිනිර්මාණය කරන බව පර්යේෂකයින් අනාවරණය කරගෙන තිබෙනවා. මෙම අධ්‍යනයේදී හෙළි වී ඇත්තේ කොවිඩ්-19 වයිරසය සෛල වල පරිවෘත්තීය ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන බවයි. මෙම වයිරසය ආසාදනය වී පැය තුනක් හෝ හයක් ඇතුළත සෛල වල න්‍යෂ්ටික පටලවලට පවා හානි කරන ආකාරය ගැන පුදුමයට පත්වන බව එම කණ්ඩායම සඳහන් කරනවා. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මාරාන්තික ඉබෝලා වයිරසය ආසාදිත වූ පෙනහලු සෛලයක න්‍යෂ්ටික පටලය ආසාදනයේ අවසන් අවධියේදී පවා නොවෙනස්ව පවතින බවයි. න්‍යෂ්ටික පටලය න්‍යෂ්ටිය වටා පිහිටා ඇති අතර සාමාන්‍ය සෛලීය ක්‍රියාකාරකම් පාලනය කිරීමට එය උපකාරී වනවා. පෙනහලු සෛලයේ න්‍යෂ්ටිය කොවිඩ්-19 වයිරසය මගින් විනාශයට පත් වූ විට මුළු සෛලයේම ක්‍රියාකාරිත්වය අඩාල වේ. විශේෂයෙන්ම පෙනහලු සෛල, අප හුස්ම ගන්නා විට පෙනහලු වල සිදුවන ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් අත්‍යවශ්‍ය වායු හුවමාරුව පවත්වාගෙන යාමේ කාර්යභාරය ඉටු කරන අතර මෙම පෙනහලු සෛල වල ක්‍රියාකාරිත්වය අඩාල වීමෙන් මෙම ක්‍රියාවලීන් නිසියාකාරව සිදු නොවේ. මෙය අවසානයේදී නියුමෝනියාව, උග්‍ර ශ්වසන අපහසුතා සහ පෙනහලු අකර්මන්‍යතාවයට හේතු වේ.

Share with your friends :