රිච්ටර් මාපකයේ ඒකකය 2.0ක ප්‍රබලත්වයකින් යුක්ත භූකම්පනයක් නුවරඑළිය, වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (31) උදෑසන හටගෙන තිබේ.
පස්සර , මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය හා ඒ අවට ගම්මාන කීපයක අද (31) අලුයම 2.56 ට පමණ විශාල ප්‍රමාණයේ භු කම්පනයක් සිදුවූ බව ප්‍රදේශ වාසීහු පැවැසූහ.
තත්පර 30 ක පමණ කාලයක් ඒම භු කම්පනය පැවැති බවද ඔවුහු කියා සිටියහ.
මධ්‍යම කඳුකරයේ දිගින් දිගටම කුඩා භූකම්පන පසුගිය මාස කීපයේම පැවති අතර මෙය කිසියම් භයානක භුකම්පනයක පෙර නිමිත්තක්දැයි ජනතාව තුල කතාබහක් ඇතිවී තිබේ.