ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත්‍ර භාරදීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යන පුද්ගලයන් දින ගනනාවක් දැඩි ලෙස රස්තියාදු කරන බවටත් අනවශ්‍ය ලියවිලි රැසක් ඉල්ලා සිටීම නිසා සාමාන්‍ය පිරිස් හා ගම්බද පුද්ගලයන් දැඩි අසීරුතාවට ලක්වන බවටත් හෙළිවී තිබේ.
මෙහිදී ව්‍යාපාර සිදු කරන ස්ථානයේ ඡායාරූප , බෝඩ් එක හෝ එහි ඡායාරූප , ඉඩමේ ඔප්පුව , බැංකු ගිණුම් ආදී බොහෝ ලියකියවිලි ඉල්ලා සිටීම නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ව්‍යාපාර ලියාපදිචි කිරීම දැඩි අසීරු කරුණක්ව තිබේ. එසේම මේ නිසා නිවසේ සිට සිදුකල හැකි ONLINE ව්‍යාපාරයක් හෝ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර හෝ පරිඝනක පිටුසැකසුම් වැනි ව්‍යාපාර සඳහාද කාර්යාල වල ඡායාරූප ඉල්ලා සිටීම බරපතල ගැටළුවක් වී තිබේ. එසේම විදෙස් රටකට කිසියම් හෝ ද්‍රව්‍යයක් යවන්නට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය වූ විට ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හා ශ්‍රීලංකා රේගුවෙන් අවශ්‍ය ලියවිලි ලබා ගන්නට ව්‍යාපාර ලියාපදිංචි සහතිකය අත්‍යවශ්‍යවේ.එහෙත් ඒ සඳහා ව්‍යාපාරයක් ආරම්භ කරන්නට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලියාපදිංචිය සඳහා අයදුම් කල විට ඒ සඳහා ඉල්ලා සිටින සහතික හෝ ලිපිලේඛන ලබා ගැනීමට පවා ව්‍යාපාර ලියාපදිංචි සහතිකය අත්‍යවශ්‍යවේ. මේ බව පැහැදිලි කර දුන්නද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවක සේවිකාවන් එය තේරුම් නොගන්න බවටද ජනතාව මැසිවිලි නගති.
සීමිත සමාගමක් ලෙස සමාගම් ලියාපදිංචියේදී සමාගම් මැදුරේ ලියාපදංචිය සඳහා ඉල්ලා සිටින්නේ ජාතික හැඳුනුම්පත පමණි. එහෙත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රුපියල් පන්දහසකට අඩු වියදමකින් ලියාපදිංචි කරන ව්‍යාපාරයක් සමාගම් මැදුරේ ලියාපදිංචිය සඳහා රුපියල් පනස් දහසක් පමණ වැය වන අතර එය සුළු ව්‍යාපාරිකයෙකුට දැරීමට අසීරුය.
රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජය මේ සම්බන්ධයෙන් වහාම ප්‍රාදේශීය ලේකම්වරුන් හා එම කාර්යාල සේවකයෝ දැනුවත් කල යුතු බව ව්‍යාපාරිකයෝ ඉල්ලා සිටිති.