කොරෝනා වැළඳුනු පිරිමින්ගේ ශුකාණු වල ශක්තිය සම්බන්ධයෙන් එම වයිරසය බලපෑම් ඇති කරන බව එක්සත් රාජධානියේ පවත්වන ලද නවතම වෛද්‍ය පර්යේෂණවලින් හෙළිවී තිබේ.
ඒ අනුව එම වයිරසය මගින් ඇතැම් පිරිමින්ගේ සරු බව කෙරෙහි බලපෑම් ඇතිකරන බව සඳහන්ය. මේ අනුව දරු පිළිසිඳ ගැනීම් වලදී මෙහි බලපෑමක් ඇතැයි මූලික පරීක්ෂණ වලදී පෙනී ගොස් තිබේ. කෙසේ වෙතත් මෙය අවසන් නිගමනය නොවන අතර මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ පුළුල් කර තිබේ.
මේ අතර අදාළ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ ඕනෑම වයිරස් රෝගයක් හෝ උණ වැනි වයිරස් රෝගයක් මගින් පවා ශරීරයේ නිපදවන ශුක්‍රානු ප්‍රමාණයේ යම් අඩුවීමක් සති කීපයකට හෝ මාස කීපයකට ඇති විය හැකි බවයි. කෙසේ වෙතත් ශුක්‍රානු මගින් කොරෝනා ආසාදනය වන බව හෝ ශුක්‍රානු වල කොරෝනා වයිරසය අඩංගු වූ බව මේ කිසිදු පර්යේෂණයකින් තවමත් හෙළිවී නොමැත.