කොරෝනා ආසාදනය වූ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ. ඇය හික්කඩුවේ හෝටලයක නිරෝධායනයට ලක් කර තිබු අතර එතැනින් රත්මලාන කොතලාවලපුර ආරක්ෂක විද්‍යාලයේ රෝහලටත් මාරු කර යවන ලදී. එහි ප්‍රතිකාර ලද ඇය පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට ඇතුලත් කර තිබේ.
කෙසේ වෙතත් ඇයගේ සැමියාට හා දියණියට කොරෝනා වැලඳී නැති බව තහවුරු වී තිබේ.