27 C
Colombo
24/11/2024

උතුරුමැදට පළාත් සභාවකින් කිසිම පලක් නැහැ – පී.බී.දිසානායක

Share with your friends :

දහතුන් වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයෙන් අනුරාධපුරයට ලැබුණු දායාදය වැඩක් නොගන්නා දැවැන්ත ගොඩනැගිලි සහ අඩක් වැඩ නිමකර යම් යම් අයගේ ධන නිධාන බවට පත්කර ගත් ගොඩනැගිලි ය: ග්‍රාමීය පාසල් වලට ගුරු හිඟය ය: ශික්ෂණ රෝහලට වැඩි වැඩියෙන් ලෙඩුන් ය.තාවුලු නැති වැව් ය. සමුකාර සමිති හතලිහක් පමණ කොටඋඩ යාම ය. නඩු පිට නඩු හා නිළධාරීන්ම වසන්කර ගත් විමර්ශන ලිපි ගොනු සමුහයකි. ඒ හැර ජනතාවට අත්වුණේ නිලධාරීවාදය දෙස බලාගෙන ශාපයෙන්කල් ගෙවීම ය.
මෙනිසා උතුරුමැදට පළාත් සභාවකින් කිසිම පලක් නොවන බව උතුරුමැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී.දිසානායක මහතා පෙන්වා දෙයි. පළාත් සභාවේ ප්‍රධාන කාර්යයන් ගත වූ දශක තුන පුරා සිදුවූ ආකාරය ගැන ඒ මහතා පැහැදිලි කරන අයුරුයි මේ.
‘‘මූලිකවම පළාත් සභා ක්‍රමය පරිපාලන වශයෙන් අපැහැදිලි ක්‍රමයකි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා පවතින පරිපාලන ජාලයත් පළාත් සභාවේ පරිපාලන ජාලයත් අතර ඇත්තේ ආරවුලකි. පළාත් සභාව මඟින් යේජනා කරන කාර්යයන් සියල්ල කරන්නට සිදුව ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යි. ඉදිකිරීම් කටයුතු තාක්ෂණික සේවා, සුබාධන කටයුතු ආදිය උදාහරණයි. පළාත් සබාවේ ඉඩම් කොමසාරිස් කෙනෙකු සිටිය ද රජයේ ඉඩම් සම්බන්ධ බලධාරියා ප්‍රාදේශීය ලේකම් ය.මෙනිසා ජනතාවට තමන්ගේ කාර්යයක් ඉටුකරග ගැනීමට යාමේදී කුමන ආයතනයකින් එය ඉටුකරගන්නට වේද යන්න ගැන නිෂ්චිත නැහැ. ඔවුන්ට පළාත් සභාවට ගොස් දේශපාලඥයා හමුවී ආපසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාම සිදුවේ.
පළාත් සභා ක්‍රමය ආරම්භවීමට පෙර අධ්‍යාපන ක්‍රමය හොඳින් ක්‍රියාත්මක විය. විවිද ප්‍රදේශවල සිටි දක්ෂ ගුරුවරුන් ගම්වලට පැමිණ දීර්ග කාලයක් සේවාව ඉටුකර දුන් හ. ඇතැම් විට කළුතර , ගම්පහ ආදී ප්‍රදේශවල ගුරුවරුන් මැදවච්චිය විලච්චිය ආදී ප්‍රදේශවලට පත්වීම් ලැබ පැමිණ තමන්ගේ දරුවාද දුෂ්කර ගම්වල පාසල්වලට බන්දවාගෙන විශ්‍රාම යනතුරුම පාහේ මේ ගම්වලට සේවය තිබේ. අද ගමේ ගුරුවරයාත් අනුරාධපුර නගරයට ස්ථාන මාරුවීගොස් ගුරුසංගම් සමඟ එකතුවී කුමන්ත්‍රණකාරී ලෙස ගමට සේවය කිරීමෙන් වැළකී ගමෙ පාසල් වැහීගෙන යනවා. පළාත් සභා ක්‍රමය සාර්ථක නම් සිදුවිය යුත්තේ ගමේ පාසල දියුණුවීම ය. නමුත් ගමේ පාසලට අවශ්‍ය මේස පුටු පවා විවිධ සංවිධාන වලින් ඉල්ලාගන්නට සිදුව තිබේ. ලීබඩු උපකරණ සුඛෝපභෝගීලෙස ගොඩගැසෙන්නේ කාර්යාලවල නිලධාරීන්උදෙසා යි. නගරයේ පාසල් ළමුන් සංඛ්‍යාව දස ගුණයික්න පමණ ඉහළ දමාගෙන ගුරු සංඛ්‍යාව විසි ගුණයකින් පමණ ඉහළ දමාගනෙ තිබේ. ගමේ පාසල් දහයකට සරිලන තරම් ගුරු සංඛ්‍යාවක් නගරයේ එක පාසල අතිරික්ත සංඛ්‍යාවට සමාන ය. ඕනෑම වෙලාවක නිලධාරින් බිය ගැන්වීමට කෑගැසිම සඳහා වැඩ නොකරන හා දේශපාලන අගතියෙන් කුල්මත්වී සිටින ගුරුවරුන් සහ ගුරුසංගම් නිලධාරීන්ගේ බිරියන් නගරය හා ඒ අවට පාසල් වල ස්ථානගතකරගෙන ග්‍රාමීය පාසල් විනාශ වෙන්නට ඉඩ හැර තිබේ. ඒ නිලධාරීන්ගේ නිවට කම් හා කට අරින්නට බැරි අඩුපාඩු හොරකම් ආදිය නිසා ය. ස්ථාන මාරු කිරීම් කියා ඔවුන්ම කෑගස්සවාගෙන ගමේ ගුරුවරුන් ගමටම මාරුකර නගරයේ ගුරුවරුන් නගරය ඇතුළේම ළඟ ළඟ ස්ථාන මාරුවෙමින් ‘මැජික් සංද්ර්ශන‘ පෙන්වන්නේ පළාත් සභා ක්‍රමයෙන්ගොඩනගා ගත් ‘බමුණු කුලේ ගුරුපැලැන්තියයේ‘ බලය මවාපාමිනි.
මධ්‍යම රජයෙන් පාසල් පාලනය වූ කාලයේ පරීක්ෂකවරුන් පැමිණ අපක්ෂපාතීව පාසල්වල ක්‍රියාදාමයන් අධීක්ෂණය කළ නිසා මේ වැනි අසාධාරන සම්පත් ව්‍යාප්තියක් සිදුවූයේ නැත. පළාත් සභා ක්‍රමය අධ්‍යාපනයට කළේ බරපතල විකෘතියකි. ජාතික පාසල් කියා ජාතියක් වෙනම පවතී. ඒවාගේ ගුරුවරුන්ට වෙනම නීතියකි. පසුගිය කාලයේ පාසල් ගොඩනැගිලි තැනීමට රුපියල්කෝටි හාරසීයක් වෙන්කරනු ලැබී ය. ඒ මුදල් හරවත් ලෙස පාසල් අතර බෙදා දුන්නේවත් වැඩක් ඇති ගොඩ නැගිලි සැදුවේ වත් වැඩ ඉවර කලේ වත් නැත.
පළාත් සෞඛය සේවාවටත් වූයේ අධ්‍යාපනයට සිදුවූ දේ ම ය.රටට සෞඛ්‍ය ඇමතිවරුන් 11 දෙනෙකි. ජනතාව බෙහෙත් ගන්නේ පුද්ගලික රෝහල්වලින් සහ ප්‍රධාන රෝහල් දෙකෙනි. එනම් පළාත පුරා කොතරම් රෝහල් තිබුණත් රෝගීන් යන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලටත් පොලොන්නරුව ශික්ෂණ රෝහලටත් ය. ග්‍රාමීය රෝහල් සංවර්ධනයට වෙන්කරන මුදල් ප්‍රමාණය අතිමහත් ය. එය වෙනම ව්‍යාපාරයකි.
පළාත් ඇමතිවරුන් 9 දෙනාත් සමඟ සෞඛ්‍ය ඇමති වරුන්ගේ ගණනද එකොලහකි. නැතහොත් අමාත්‍යංශ එකොලහකි. ගොවිජන සේවා මධ්‍යස්ථාන අයත්වන්නේ මධ්‍යම රජයට යි.පළාත් සභාවේ ඒවාගේක්‍රියාත්මක නොවේ.පළාත් කෘසිකර්ම අමාත්‍යංශයක් වෙනම ක්‍රියාත්මකවේ. ගොවීන් අයත්වන්නේ කුමන අමාත්‍යංශකටදැයි කවුරුත් නොදනී. පොහොර බෙදන්නේ මධ්‍ය ආණ්ඩුවෙනි. වී මිළට ගන්නේ ද මධ්‍යම ආණ්ඩුවෙනි. වාරිමාර්ග අයිතිය ද ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව යන මධම රජයේ ආයතන දෙකටත් පළාත් සභාවටත් වෙනම බෙදී යයි. මේ තුනටම අයිති නැති වැව්ද තිබේ. අවසානයට සිදු ඇත්තේ තාවුලු නැති වැව් ඉතිරිවිම යි. ශක්තිය ඇති හැම කෙනෙක්ම වැව් තාවුලු අල්ලාගෙන හෝටල් , නිවාස හෝ කඩ පේළි හදති.
මහා මාර්ග වලටද අයිති වාසිකම් කියන ආයතන රාශියකි. පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය හැරුණු විට ප්‍රා දේශිය සභාවට සහ මහවැලියට අයිති පාරවල් ද වේ. මෙවා හදන්නට ගිය විට අයිතිය ගැන අවුල් රාශියකි.
කර්මාන්ත, සංචාරක,පරිසර සහ වෙළඳ වැනි පළාත් අමාත්‍යංශ අවශේෂ ගණයට වැටී තිබේ. උතුරුමැද වෙළඳ අමාත්‍යංශයට අදාලව එක නිළධාරියෙක් මේසයක් පුටුවක්වත් නැත. කරුමාන්ත සංවර්ධන විෂය යටතේ උතුරුමැද පළාතේ හඳණාගෙ ඇති එකම කර්මාන්තය මල් වැවීමයි.
සමුපකාර සමිති සියල්ලම පාහේ වැසී ගොස් ය. කෝප් සිටිනැමති ව්‍යාපාරය පළාත් සභාව මගින් අරම්භකළේ මධ්‍යම රජයේ විශේෂ ප්‍රතිපාදනයක් යටතේ ය. පළාත් සභාව කළේ ඒවාවියදම් කිරීම ය. එය කොන්ත්‍රාත් කරුවෙකුගේ කාර්ය භාරයයි. සමුපකාර සමිත් සතුව පැවැති ලොරි රථ, ගබඩා, වී මෝල් ආදිය පළාත් සභා ක්‍රමය එන්නට පෙර වඩාත් හොඳින් තිබිණි. ඒවා එකිනෙක වැසී යන්නට වුණේ පළාත් සභා ක්‍රියාත්මක වන විට ය.
පලාතේ පුරවැසියන්ට ඉඩමක් ලබාදෙන්නට පළාත තුළ සිටින බලධාරීන්ට හැකියාවනත. එහෙත් වෙනත් පළාතක කොල්ලකරුවන්ට මහා පරිමාණයෙන් අවශ්‍ය තරම් ඕනෑම අවස්ථාවක උතුරුමැද පළාතේ ඉඩම් ලබාගත හැක. ඉන් අදහස් වන්න් පළාත් සභාවට බලය තිබෙන අවස්ථාවලත් එක් පළාත් සභාවක් නඩත්තුවට වසරකට කෝටි 35000ක් අවශ්‍යයි. එම මැතිවරණය පැවැත්වීම සඳහා යන මුදල රුපියල් කෝටි 10 000කි. මේ වියපැහැදම් කරන මුදල් සම්භාරයෙන් මහජනතාවට සේවයක් හෝ රටේ ජාතික නිෂ්පාදිතය ඉහළ දැමීමට ආදායම් උත්පාදනය මාර්ගයක් සලසන වැඩපිළිවෙලක් පළාත් සභාවේ එකම ආයතනයකටවත් තිබේද?

අනුරාධපුර – සරත් මනුල වික්‍රම

Share with your friends :